Wednesday, November 26, 2025
Homeweatherweatherමහවැලි නිම්නයට ගංවතුර අවදානම – සෝමාවතියට පැමිණෙන බැතිමතුන්ට හදාරුවක්

මහවැලි නිම්නයට ගංවතුර අවදානම – සෝමාවතියට පැමිණෙන බැතිමතුන්ට හදාරුවක්

මහවැලි ගංගා ද්‍රෝණිය අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ රාත්‍රියේ සිට ලැබුණු වැඩි වර්ෂාපතනය හේතුවෙන් කින්නියා, මූතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, නමන්කඩුව සහ දිඹුලාගල ප්‍රදේශවල පහත් බිම්වලට ගංවතුර ඇතිවිය හැකි බව සඳහන් කරයි.

එමෙන්ම මඩකලපුව–පොළොන්නරුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය සහ සෝමාවතී රජමහා විහාරයට යන පිවිසුම් මාර්ගයද ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බව නිවේදනය කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් සෝමාවතී විහාරය වෙත ගමන් කරන බැතිමතුන් ඉදිරි දින කිහිපය තුළ විශේෂ විමසිල්ලෙන් සිටිය යුතු බවත් යම් අවස්ථාවලදී ගමනාගමනය සීමා විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවට අවධාරණය කරයි.

තවද මහවැලි නදිය අසල පදිංචි ජනතාව සුරක්ෂිත ස්ථාන හා ප්‍රවාහන මාර්ග පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවද අධිකාරිය දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments