Friday, November 14, 2025
Homeදේශීයමහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චිට අධිකරණයෙන් ඇප

මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චිට අධිකරණයෙන් ඇප

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චි මහතාට රුපියල් මිලියන 28ක වත්කම් අයථා ලෙස උපයාගත් බවට සැකයක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර, අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුට ඇප නියම කළා.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

එ අනුව, නෙවිල් වන්නිආරච්චි මහතා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කර තිබේ.

මහෙස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනමක්ද නියම කළ අතර, නඩුව නැවත කැඳවනු ලබන්නේ 2026 ජනවාරි 16 වන දිනයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments