Saturday, December 20, 2025
Homeදේශපාලනමානව හිමිකම් කොමිසමේ ගොඩ ගැසුණු පැමිණිලි 11000ක විමර්ශන ඇරඹේ

මානව හිමිකම් කොමිසමේ ගොඩ ගැසුණු පැමිණිලි 11000ක විමර්ශන ඇරඹේ

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් එම පැමිණිලි විමර්ශනය කරන බවය.

මානව හිමිකම් කොමිසමට යොමු කළ ඇතැම් පැමිණිලි වෙනත් ආයතන වෙත යොමු කළ යුතු පැමිණිලි බව මූලික විමර්ශනවලදී හෙළිව ඇත.

ඒ අනුව අදාළ පැමිණිලි රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, කම්කරු දෙපාර්තමේන්තුව හා පාරිභෝගික කටයුතු අධිකාරිය යන ආයතන වෙත යොමු කිරීමට නියමිතයි.

එම පැමිණිලි අදාළ ආයතනවලින් නිසි පරිදි විමර්ශනය කරන්නේදැයි අධීක්ෂණය කරන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, ලැබී ඇති සියලු පැමිණිලි කඩිනමින් විභාග කිරීමෙන් ජනතාවගේ මානව හිමිකම් කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් සාධාරණය ඉටු කළ හැකි බවය.(News 1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments