Friday, February 20, 2026
Homeදේශීයමාරක අනතුරු කිහිපයක් - නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

මාරක අනතුරු කිහිපයක් – නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (19) මෙම අනතුරු සිදුව තිබුණේ තෙල්දෙණිය, පදියතලාව, වෙරළබඩ සහ බණ්ඩාරගම යන පොලිස් වසම්වලදීය.

මහනුවර – පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
තුවාල ලැබූ යතුරුපැදිකරු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මරණකරු 46 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකි.

එමෙන්ම පදියතලාව පොලිස් වසමේ කෙහෙල්උල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් රියැදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී අනතුරක් සිදුව ඇත.
තුවාල ලැබූ රියැදුරු පදියතලාව රෝහලට ඇතුළත් කර පසුව මහඔය රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් තිබේ.
මරණකරු 25 හැවිරිදි පදියතලාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

තවත් අනතුරක් වෙරළබඩ පොලිස් වසමේ වරාය පරිශ්‍රයේදී සිදුව ඇති අතර, බර අඬු එසවුම් යන්ත්‍රයක් ධාවනය කරන අවස්ථාවේ එම දිශාවටම ධාවනය කළ යතුරුපැදියක ගැටී තිබේ.
අනතුරින් යතුරුපැදියේ පසුපැදිකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු 40 හැවිරිදි රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අවසන් අනතුර බණ්ඩාරගම – පානදුර මාර්ගයේ බණ්ඩාරගම නගරයේදී සිදුව තිබේ. හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඇත.
තුවාල ලැබූ පදිකයා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර පසුව පානදුර රෝහලට මාරු කර යැවීමෙන් පසු ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකරු 65 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments