Homeසියලුම පුවත්මාරක රිය අනතුරකින් දෙහැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

මාරක රිය අනතුරකින් දෙහැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

මහනුවර තලාතුඔය, මයිලපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු දෙකයි මාස දෙකක් වූ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (03) පස්වරුවේ තැන්නකුඹුර – රාගල මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මෝටර් රථයක් වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී කුඩා දැරිය ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර, එහි ගමන් ගත් එකම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ දැරියගේ මව සහ පියා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments