Monday, December 22, 2025
Homeදේශීයමාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ට එරෙහිව තවත් පෙත්සම් 3ක්

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ට එරෙහිව තවත් පෙත්සම් 3ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ.

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළේය.

යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර හා මාධ්‍ය නීති සංසදය විසින් අනිත් පෙත්සම් 2ක් ඉදිරිපත් කරනු ලැබීය.

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාව නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සමාජ මාධ්‍ය නියාමනය කිරීමට යැයි සඳහන් කරමින් රජය විසින්  මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන බවයි.

මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් මාධ්‍යවේදීන්ගේ නිදහස බරපතළ ආකාරයෙන් කප්පාදුවීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය, නිදහසේ සිතීමේ මූලික අයිතිය යනාදි මූලික අයිතිවාසිකම්ද යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගතය විධිවිධාන වලින් බරපතල ලෙස උල්ලංඝනය වන බවත් පෙත්සම් වල සඳහන් වෙයි.

ඒතුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  වැඩිදුරටත් අයැද සිටිති.

RELATED ARTICLES

Most Popular

Recent Comments