Homeසියලුම පුවත්මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද

මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වීමට නියමිතයි.
එම නිල උත්සවයෙන් අනතුරුව දෙරටේ නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටත් සැලසුම් කර තිබේ.
මෙම සංචාරය අතරතුර දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments