Thursday, November 13, 2025
Homeදේශීයමාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණයක්

මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණයක්

මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5 දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට රජය තීරණය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, මේ හේතුවෙන් සැකකරුවන් මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බවයි.

පසුගිය නොවැම්බර් 7 වන දින “අවිශ්ක පුතා” නමැති ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදු සීමාවේ දී අල්ලා ගැනීමෙන් මෙම සිදුවීම සිදු විය.

ඒ සමඟ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ධීවරයින් 5 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ආරක්ෂක බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම වැටලීම සිදු වූ බවද වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන්, මෙරට නිලධාරීන් ඉදිරි දින කිහිපයේදී දිවයිනට නැවත පැමිණීමට නියමිත බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments