Thursday, November 20, 2025
Homeදේශීයමැති සබය උණුසුම් කළ ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක බුදු පිළිමය ඉවත් කිරීමේ සිද්ධිය

මැති සබය උණුසුම් කළ ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක බුදු පිළිමය ඉවත් කිරීමේ සිද්ධිය

පොලීසිය විසින් ඉවත් කළ ත්‍රිකුණාමල ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදුපිළිමය අද යළි එම විහාරස්ථානයේම තැන්පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කෙසේවෙතත් එම බුදු පිළිමය ඊයේ දිනයේ අදාළ විහාරස්ථානයේදී තැන්පත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ නොසන්සුන්තාවක් හටගත් බවයි

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ යම් හානියක් සිදුවිය හැකි බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් ඊයේ රාත්‍රී එම බුදු පිළිමය අදාළ ස්ථානයෙන් ඉවත් කළ බවයි.

අධිකරණය ලබා දෙන තීන්දුව මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කතානායකවරයාගෙන් එහිදී දිගින් දිගටම ඉල්ලීම් කළා.

එහෙත් කතානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු එලෙසම පවත්වාගෙන ගිය අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අද දිනයේ විවාදය ආරම්භ කළේද ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින්.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ත්‍රිකුණාමල ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදුපිළිමය ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වූ අද දිනයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ මෙන්ම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments