Wednesday, March 11, 2026
Homeසියලුම පුවත්මැදපෙරදිග යුද උණුසුම – නවතම යාවත්කාලීන

මැදපෙරදිග යුද උණුසුම – නවතම යාවත්කාලීන

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුමට අදට දින 12ක් ගතවී තිබේ. මේ වනවිට කලාපයේ තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති අතර එය ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Update | 8.00 AM
මැදපෙරදිග පිහිටි එක්සත් ජනපද හමුදා මූලස්ථානයක් වෙත මිසයිල 4ක් එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) පවසයි.
Update | 6.50 AM
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගමන් කරමින් තිබූ ඉරාන නෞකා කිහිපයක් විනාශ කළ බව අමෙරිකානු හමුදාව පවසයි. එම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
Update | 6.10 AM
මෙරටට ආසන්න මුහුදු ප්‍රදේශයකදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කරයි. එම ප්‍රහාරය “යුද අපරාධයකට සමාන කෘර ක්‍රියාවක්” බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.
Update | 5.10 AM
සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුර වෙත එල්ල වූ බැලස්ටික් මිසයිල 6ක් බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එමෙන්ම හෆාර් අල්-බටින් නගරය ආසන්නයේ ඩ්‍රෝන යානා කිහිපයක්ද බිම හෙළා ඇති බව වාර්තා වේ.
Update | 4.59 AM
ඉරානය සමඟ ඇතිවූ යුධමය තත්ත්වය ආරම්භ වූ පෙබරවාරි 28 සිට මේ දක්වා මැදපෙරදිග කලාපයෙන් අමෙරිකානු පුරවැසියන් 43,000කට අධික පිරිසක් යළි අමෙරිකාව වෙත පැමිණ ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Update | 4.17 AM
ඊශ්‍රායලය ලෙබනනයේ අගනුවර වන බේරූට් නගරයට ගුවන් ප්‍රහාර ආරම්භ කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි. එම ප්‍රහාර ඉරානයෙන් සහාය ලබන හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments