Tuesday, December 23, 2025
Homeදේශීයමිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව සර්වේයර් ජනරාල්වරයෙක්

මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නව සර්වේයර් ජනරාල්වරයෙක්

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරයා ලෙස එන්.කේ.යූ. රෝහණ මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව, පුරප්පාඩු තනතුර සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල්වරයා වන රෝහණ මහතා මෙලෙස පත් කර ඇත.පෙර සර්වේයර් ජනරාල් වශයෙන් කටයුතු කළ වයි.ජී. ඥානතිලක මහතා 2025 ඔක්තෝබර් 1 වැනිදා විශ්‍රාම ගියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments