හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේදී ඊයේ (26) දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් සහ ඇගේ දරුවා දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් සාර්ථකව බේරාගෙන ඇත.
ඊයේ දහවල් කාලයේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් (87162) දිසානායක සහ පොලිස් කොස්තාපල් (96221) දුමින්ද යන නිලධාරීන් මෙම වීර ක්රියාව සිදුකර තිබේ.
මෙම අනතුරට ලක්ව ඇත්තේ යුක්රේන් ජාතික වයස අවුරුදු 42ක් වූ කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 14ක් වූ පුත්රයා බව වාර්තා වේ.

