Wednesday, March 11, 2026
Homeසියලුම පුවත්මෙරට ඇති ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු කඩිනමින් ගෙන්නා ගැනීමට එරට අවධානය

මෙරට ඇති ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු කඩිනමින් ගෙන්නා ගැනීමට එරට අවධානය

මෙරට මුහුදු සීමාව ආසන්නයේදී ඇමරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරාන අයිරිස් ඩෙනා නෞකාවේ මියගිය නාවිකයින්ගේ මළ සිරුරු ඉක්මනින් තම රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉරානය ප්‍රකාශ කර ඇත.
ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළ නිවේදනයකට අනුව හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය පවසා ඇත්තේ, මළ සිරුරු 104ක් අතරින් 84ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඒවා කඩිනමින් ඉරානය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බවත්ය.
එම මළ සිරුරු නැවත ගෙන්වා ගැනීම ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උත්සාහය සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගය මත සිදුකරන බවද එම නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මියගිය ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු ආපසු ගෙනයාමට ඉඩ නොදෙන ලෙස වොෂින්ටනය ශ්‍රී ලංකාවට පීඩනය යොදමින් සිටින බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments