Wednesday, March 4, 2026
Homeව්‍යාපාරිකමෙරට රන් මිල තවත් ඉහළට

මෙරට රන් මිල තවත් ඉහළට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත් කර ගැනීමත් සමඟ ලෝක රන් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද (06) උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඇමරිකානු ඩොලර් 4,461ක් ලෙස සටහන් විය.

ලෝක රන් මිල ඉහළ යාමට සමගාමීව මෙරට රන් මිලද රුපියල් 3,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 337,600ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනවාරි 1 වැනිදා එම මිල රු. 327,500ක් ලෙස පැවතිණි.

මෙ අතර, ජනවාරි 1 වැනිදා රු. 354,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 365,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments