Monday, March 30, 2026
Homeදේශීයමෙරට රන් මිලේ දැනෙන වෙනසක්

මෙරට රන් මිලේ දැනෙන වෙනසක්

ඊශ්‍රායල – පලස්තීන යුදමය වතාවරණයේ බලපෑම හේතුවෙන් මෙරට රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබේ.

පවතින තත්ත්වය තුළ පසුගිය සතියේ දී විදේශීය වෙළෙඳපොළේ රත්‍රං මිල කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දේශීය රත්‍රං මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

විදේශීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් ඩොලර් 1,820 සිට ඩොලර් 1,925ක් දක්වා ඩොලර් සියයකට වැඩි අගයකින් මෙම සතිය තුළ ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ද පසුගිය සතියට සාපෙක්ෂව මෙරට වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව කැරට් 24ක රන් පවුමක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 173,000ක පමණ මිලකට බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. 

RELATED ARTICLES

Most Popular

Recent Comments