Thursday, January 15, 2026
Homeදේශපාලනමෙරටින් නික්මයාමට නියමිත අමෙරිකානු තානාපති ජූලි චන්ග් ජනපති හමුවෙයි.

මෙරටින් නික්මයාමට නියමිත අමෙරිකානු තානාපති ජූලි චන්ග් ජනපති හමුවෙයි.

තම රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඇය, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර සබඳතා ශක්තිමත් කිරීමට සිය ධුර කාලය පුරාවට ඇය ගත් උත්සාහයන් මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇය ඉටු කළ කාර්යභාරය පිළිබඳවද ස්තූතිය පළ කරනු ලැබීය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී ජූලි චන්ග් මහත්මිය ලබා දුන් සුවිශේෂී සහායද ජනාධිපතිවරයා විසින් අගය කර තිබේ.

2022 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති ලෙස පත්ව මෙරටට පැමිණි ජූලි චන්ග් මහත්මියගේ සිව් වසරක සේවා කාලය තුළ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වසර 75 සම්පූර්ණ වීම ඇතුළු වැදගත් සන්ධිස්ථාන කිහිපයක්ද සළකුණු විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments