වත්මන් ආණ්ඩුවේ සිටින අය 2005 වසරේදී දුන් දේශපාලන සහාය නිසා වර්තමානයේ අප ඉදිරියේ ඇති අපරාධ රාජ්‍යය බිහිවූ බවත් එම අපරාධ රාජ්‍යය තවදුරටත් ඉදිරියට ගෙන යන බව පෙරේදා (22දා) මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා 88, 89 මානසිකත්වයෙන් කළ කතාවෙන් හෙළිවූ බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් (සජබ) මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.
අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීමට අදාළව නීති සහ ක්‍රමෝපාය සැකසීමට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ‘රටම එකට’ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් මේ බව කී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.
“අපි දැක්කා ඊයේ පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සජබ සභාපතිවරයාව මහ දවල් රාජකාරියේ නිරතවෙලා සිටිද්දී ඝාතනය කළා. මේ ඝාතනය ගැන අපි දැක්කා මහජන ආරක්ෂක ඇමැති පාර්ලිමේන්තුවට ඇවිත් කතාවක් පටන්ගත්තා පාතාලය ගැන. ශිෂ්ට සම්පන්න සමාජයක නම් මීට පෙර ඝාතනයක් වූ විට ශෝකය පළ කරලා තමයි කතා කරන්නේ. නමුත් මේ ආණ්ඩුවේ ඒ ශිෂ්ට සම්පන්න ගතිගුණයවත් තිබුණේ නෑ. පටන් ගත්තේම එතුමා පාතාලයේ කියාගෙන. ඒ විතරක් නොවෙයි එම ඝාතනය සාධාරණීකරණය කළා. ඒක තමයි භයානකකම. මම ලැජ්ජා වෙනවා ඔහු වගේ ඇමැතිවරයෙක් සමග මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා සිටීම ගැන.
එතුමා ඇවිත් ඝාතකයන් වෙනුවෙන් තමයි අදහස් දැක්වූවේ. ඊට විරුද්ධව නොවේ. ඔහුට චෝදනා තිබෙනවා නම් ඒවා උසාවියට දාලා දඬුවම් දෙන්න පුළුවන්. එහෙම නැතිව ඝාතනය කරන්න කාටවත් අයිතියක් නෑ. ජනාධිපතිතුමා කලින් මේ පාර්ලිමේන්තුවේ කිව්වේ මොකක්ද? පරණ කතා අහලා බලන්න. කාවවත් මරන්න බෑ. ඒ අයගේ ඉතිහාසය වැඩක් නෑ. ඇයි එයාව මැරුවේ, කොහොමද මැරුවේ, ඇයි මරන්න ඉඩ දුන්නේ කියන එකයි ජනාධිපති එදා ප්‍රශ්න කළේ. අද ඇවිත් ඇමැතිතුමා කතාකළේ මොනවාද? අර කොහෙන්ද ගෙනාපු අපරාධකාරයෙක් කිව්වාලු එතුමා ළඟ තුවක්කු තිබෙනවා කියලා. එහෙම නම් අත්අඩංගුවට ගන්න තිබුණානේ.
ඔහු නාමයෝජනා දීලා සභාවට පත් වෙලා මාස හයක් වෙනවා. එතුමා නාමයෝජනා දීලා මාස තුනක් හිටියා. සභාපති වෙලා මාස තුනක් හිටියා. අපරාධකාරයෙක් නම් අත්අඩංගුවට අරන් උසාවියට දාන්න තිබුණානේ. මේකෙන් පෙන්නන්නේ තමුන්නාන්සේලා ශිෂ්ට සම්පන්න නෑ. තමුන්නාන්සේලා බොරු කරන්නේ. වෛරයෙන් 88, 89 තිබුණු මානසිකත්වය තවම හිත්වල තියෙනවා. ඒකයි ඊයේ ඇමැතිතුමා එළියට දැම්මේ. සභාපතිතුමාව ඝාතනය කරන්න අවශ්‍ය පරිසරය තමුන්නාන්සේ හැදුවා කියන සැකය අපිට තිබෙනවා. තමුන්නාන්සේ වගකියන්න ඕනෑ. මොකද ඔබ ඊයේ කතාවෙන් ඔප්පු කළේ අර කතාවක් තියෙන්නේ හොරා වැට පනින්න කලින් කෙහෙල් කැන වැට පැන්නා කියලා. අන්න ඒ වගේ කතාවක් තමයි ඇමැතිතුමා ඇවිත් ඊයේ මෙතන කතාකළේ. තමුන්නාන්සේ ඊයේ ඇවිත් මේ ඝාතනය සාධාරණීකරණය කළා. ශිෂ්ට සම්පන්න සමාජයක ඕක බලාපොරොත්තු වන්නේ නෑ. ශිෂ්ට සම්පන්න නම් මිනිහෙක් මැරුණාම මොන අපරාධකාරයෙන් වුණත් ඒ මිනිහට අපි ගෞරව කරනවා. තමුන්නාන්සේලා ආවේ ලස්සන රටක් හදන්න. අලුත් සංස්කෘතියක් හදන්න. මේකද හදන අලුත් සංස්කෘතිය? ඒකට ද ජනතාව බලය දුන්නේ? තමුන්නාන්සේලා 2005 බලයට ගෙනාපු අය පසුගිය අවුරුදු 12ක් 15ක් තිස්සේ හදපු සංස්කෘතිය තමයි මේ ඉස්සරහට ගෙනිහින් තිබෙන්නේ. ඊයේ කරපු කතාවෙන් අර කැලෑ නීතිය වෙනුවෙන් පෙනී සිටියා. කැලෑ නීතිය ආරක්ෂා කළා.
ඇමැති කෙනෙක් ලෙස කියන්න තිබුණා මේ ඝාතකයන් අපි හොයනවා. අත්අඩංගුවට ගන්නවා, නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම කතාවක් නීතිය පිළිබඳ ඇමැතිවරයාගේ කටින් ආවේ නෑ. ඇවිත් අර මැරුණු මිනිහාගේ ඉතිහාසය ගැන කිව්වා. මරපු අය ගැන කිව්වේ නෑ. ජනාධිපතිතුමා ලැජ්ජා වෙන්න ඕනෑ මේ වාගේ ඇමැතිවරු පත්කළාට.
ජනාධිපතිගේ මාධ්‍ය අංශයෙනුත් මේක කැම්පේන් කරනවා. ලැජ්ජයිෟ මටත් ගහනවා මගේ ආගම ගැන අහනවා. මගේ ආගමේ කරන දේවල් අහනවා. ඔව් මම ඒ දේවල් කරලා තිබෙනවා. ඇයි ඕගොල්ලන්ට පාන්ද? ආණ්ඩුව මඩ ගහන බළකායක් හදාගෙන ඉන්නවා. ජාතිවාදය නැති කරන්න ආවා කියන අය ජාතිවාදය තමයි කතා කරන්නේ. ජනාධිපති කිව්වා අපරාධ රාජ්‍යයක් භාර ගත්තේ කියලා. 2005 දී ඒක හදන්න දීපු අය තමයි දැන් මේක අරගෙන යන්නේ. අපරාධ වෙනවා මහ දවල් උසාවියට ඇවිත් වෙඩි තියනවා. ප්‍රාදේශීය සභාවට ඇවිත් වෙඩි තියලා යනවා. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ විතරයි වෙඩි තියලා ගියේ නැත්තේ. මේක ඇතුළෙත් ඒක වෙයිද දන්නේ නෑ. ඒ කාලේ සභාවට ග්‍රෙනේඩ් එකක් ගහපු අය තමයි අද බලයේ ඉන්නේ. දැන් මේ අපරාධ රාජ්‍යය බරපතළ තැනකට ගෙනත් තිබෙනවා. තමුන්නාන්සේලා 2005 බලයට ගෙනාවේ ගෝඩ් ෆාදර් කෙනෙක්. ඒ අය තමයි අපරාධ රාජ්‍යය හැදුවේ. තමුන්නාන්සේලා ඒකේ හවුල්කාරයෝ. තමුන්නාන්සේලා අපරාධ රාජ්‍යයකට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට ඩීඅයිජී පත්වීම් දීලා උසස්වීම් දෙනවා. මේවා තමයි අපරාධ රාජ්‍යයක ගමන් මග. අපරාධ රාජ්‍යය අවසන් කරනවා කියලා ඒකේ කොටස්කාරයන්ට උසස්වීම් දී තිබෙනවා. ඒ අයව ජනාධිපති ආරක්ෂා කරනවා. තමන්ගේ ඇමැතිවරු සමග සිටින යාළුවන්ව මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා. මාධ්‍ය ආයතන කීයකට ගැහුවාද? ඒ නඩු ටික ගත්තේ නෑ. ඒවා වැලිතලාවේ යට කරන්න තමුන්නාන්සේලා වැඩ කරනවා
