අම්බලන්ගොඩ මෝදර දේවාලයේ කමිටු සභාපතිවරයා ඝාතනය කිරීමට සම්බන්ධයිැ යැයි සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.
අත්අඩංගුවට පත්වී ඇත්තේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු සහ ඔහුට සැඟවීමට සහය ලබාදුන් තවත් පුද්ගලයෙකි.
සැකකරුව 30 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදින්චිකරුවෙකු වන අතර, අනුබල දුන් පුද්ගලයා 44 හැවිරිදි සෙල්ලකතරගම පදිංචිකරුවෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගාල්ල අපරාධ කොට්ඨාසය විසින් කරගෙන යයි.
මෝදර දේවාලයේ සභාපති ඝාතනය – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

