Monday, December 22, 2025
Homeදේශීයයුද හමුදාවේ විශාල පිරිසකට උසස්වීම්

යුද හමුදාවේ විශාල පිරිසකට උසස්වීම්

ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් එම පිරිස ඊළඟ නිලයට උසස් කර ඇතැයි යුද හමුදාව පවසයි.

ඒ අනුව මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් (මේජර්වරුන් ඇතුළුව) ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (ක්වාටර් මාස්ටර් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (සාමාන්‍ය බලසේනාව සහ ස්වේච්ඡා බළකා) නිලයට උසස් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments