Tuesday, March 10, 2026
Homeසියලුම පුවත්යුද්ධය අවසන් කරන තීරණය අපි ගන්නවා – ට්‍රම්ප්ට ඉරානයෙන් ප්‍රතිචාර

යුද්ධය අවසන් කරන තීරණය අපි ගන්නවා – ට්‍රම්ප්ට ඉරානයෙන් ප්‍රතිචාර

යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගැනීමට හැකියාව තිබෙන්නේ ඉරානයට බව, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත සිදුකරන මිලිටරි ප්‍රහාර නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවයි.
මේ අතර, ඉරානයට එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතින්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු විසින් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ මැදපෙරදිග කලාපයේ යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවයි.
කෙසේවෙතත් එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කර ඇත්තේ කලාපයේ අනාගතය මේ වනවිට ටෙහෙරානයේ හමුදා බලවේගවල අතේ පවතින බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments