Friday, November 14, 2025
Homeදේශීයරජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

රජරට විශ්වවිද්‍යාලය ආචාර්යවරුන්ගේ සංගමය පවසන්නේ, විශ්වවිද්‍යාලයේ ස්ථීර උපකුලපතිවරයෙකු පත් නොකිරීම සහ වෙනත් ගැටළු මුල්කර ගනිමින් ආරම්භ කළ වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පැවසුවේ, අධ්‍යාපන බලධාරීන් මේ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවය.

මෙම වැඩවර්ජනය සංකේත ක්‍රියාමාර්ගයක් ලෙස ආරම්භ කර පසුව අඛණ්ඩ වැඩවර්ජනයක් බවට පත්ව ඇති අතර, අද වන විට එය දින 4ක කාලයක් සම්පූර්ණ කර ඇත.

වසරකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලය තුළ උපකුලපතිවරයෙකු නොමැති වීම හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යවා ඇති නාමයෝජනාවලට  කිසිදු හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීම ආදි හේතු මත මෙම වැඩවර්ජනය සිදුකරන බව නාලක ගීකියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.

“විශ්වවිද්‍යාලයේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයට සහ මේ ක්‍රියාවලියේ පිටුපස තියෙන දේශපාලන මැදිහත්වීම්වලට විරුද්ධව තමා අපි වර්ජනයට අවතීර්ණය වුණේ. අපේ ප්‍රධානම ඉල්ලීම තමයි මේ වනවිට යවලා තියෙන නාමයෝජනා තුනෙන් එක් අයෙක් විශ්වවිද්‍යාලයට වහාම උපකුලපතිවරයෙකු ලෙස පත්කරන්න. ඒ එක්කම මෙම අකටයුතුකම් කරමින් තවදුරටත් විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිතුමිය තවදුරටත් ධුරයේ රැඳී සිටිනවා. ඒ එක්කම විශ්වවිද්‍යාල ලේඛකාධිකාරීතුමිය ලෙස විවිධ අකටයුතුකම් තනි තීරණ ගනිමින් රැඳී සිටින මේ දෙපොළ මෙම තනතුරුවලින් ඉවත් විය යුතුයි. අපි වැඩවර්ජනය තවදුරටත් කරගෙන යනවා. ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ප්‍රදේශයේ සිටින ජනතාව හා සියලුදෙනා එකතු කරලා පුළුල් පෙරමුණකට අරන් එන්න.”

RELATED ARTICLES

Most Popular

Recent Comments