Sunday, February 15, 2026
Homeදේශීයරට රැකියා වංචාවකට NPP අපේක්ෂකයෙකු අත්අඩංගුවට

රට රැකියා වංචාවකට NPP අපේක්ෂකයෙකු අත්අඩංගුවට

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරිමේ චෝදනා මත අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් මගහරිමින් සිට ඇති ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් එම කාර්යාංශයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවය.

තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කිරීම පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැකකරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව විමර්ශන නිළධාරීන් මගහරිමින් සිටි සැකකරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළවීමත් සමඟ ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් විමර්ශන අංශයට භාරවී ඇති අතර ඔහුව  අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments