Thursday, October 30, 2025
Homeදේශීයරථවාහන ස්ථානීය දඩ ඔන්ලයින් ගෙවීම දෙසැම්බර් සිට

රථවාහන ස්ථානීය දඩ ඔන්ලයින් ගෙවීම දෙසැම්බර් සිට

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ, රථවාහන සඳහා ස්ථානීය දඩ ඔන්ලයින් ක්‍රමයෙන් ගෙවීම දෙසැම්බර් මාසය වන විට මුළු දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම පහසුකම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ හඳුන්වා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“රාජ්‍ය සේවය ක්‍රමිකව ඩිජිටල්කරණය කරමින් පවතිනවා. එහි එක අංගයක් ලෙස තමයි රථවාහන ස්ථානීය දඩ, ස්ථානීයව ගෙවා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව මැදිහත් වුණේ. මේක ආරම්භයේදී බස්නාහිර පළාත, දකුණු පළාත, මේ වෙනකොට අධිවේගී මාර්ගය, සිව් වනුවට උතුරු පළාත තෝරාගෙන තියෙනවා. මම හිතන්නේ මේක හරහා මහජනතාවගේ පාර්ෂවයෙන් වගේම නිලධාරීන්ගේ පාර්ෂවයෙන්  පහසුකමක් සැලසෙනවා. අපිට අවශ්‍යයි ඩිජිටල් පරිවර්තනය ක්‍රමිකව රටට යොමුකරන්න. ඒක පොලිස් දෙපාර්තමේන්තුවට විතරක් නෙමයි සියලුම දෙපාර්තමේන්තු සහ සමස්ත රාජ්‍ය සේවයටම අපි මේ වන විට මේක හඳුන්වාදෙමින් තියෙනවා. අපි දෙසැම්බර් වනකොට රට පුරාම ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය  Govpay හරහා කරන්න සැලසුම් කරලා තියෙනවා.”     

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments