Thursday, November 13, 2025
Homeදේශීයරන් ආභරණ අලෙවි සැලක් බිඳ මත්කුඩු පානය කළ සැකකරු කොටුවෙයි

රන් ආභරණ අලෙවි සැලක් බිඳ මත්කුඩු පානය කළ සැකකරු කොටුවෙයි

පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමින් යුත් ආභරණ සොරකම් කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, CCTV දර්ශන 70කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවය.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 1993 වසරේ සිට ලියාපදිංචි අපරාධකරුවෙකු වූ 60 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සොරකමේදී රන් ආභරණ සහ රිදී ආභරණ කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කර තිබුණි. එම ආභරණවලින් කොටසක් බොරැල්ල, සිරිසෙත උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක වැසිකිළියක සඟවා තිබූ බව පොලීසිය කියයි.

අක්තපත්‍ර විමර්ශනයකින් අනාවරණය වූයේ, සැකකරු රාත්‍රී කාලයේදී වෙළෙඳසැලේ වහල මගින් ඇතුළු වී තනිව සොරකම සිදුකර ඇති බවය.

දින පස් දිනක් පුරා සිදුකළ CCTV විමර්ශනයකින් සැකකරු භාවිතා කළ ත්‍රීරෝද රථයද හඳුනාගෙන, එහි රියදුරුගෙන් විමසීම් කළ විට සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ බැස ගිය බව හෙළිවිය.

ඊට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවූයේ, සැකකරු සොරකමින් ලබාගත් ආභරණවල මුදල් භාවිතා කර අයිස් සහ මත්කුඩු මිලදීගෙන පානය කළ බවත්, ඔහු තම වකුගඩුවක්ද විකිණා තිබූ බවත්ය.

පිටකොටුව පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments