Friday, January 23, 2026
Homeසියලුම පුවත්රන් මිල ආපදා අතරත් ඉහළට

රන් මිල ආපදා අතරත් ඉහළට

අත්‍යවශ්‍ය දෑ වල මිල වැඩි වන කාලයක, ලෝක රත්‍රං මිලද දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇත. අද (01) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,238 දක්වා ඉහළ ගොස් ඇති අතර, එයට සමගාමී ලෙස ශ්‍රී ලංකාවේ රන් මිලත් තවත් වැඩි වී ඇත.

පසුගිය නොවැම්බර් 25ට සාපේක්ෂව මෙරට රන් මිල රු. 5,500කින් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, අද දිනය තුළ පමණක් රු. 2,000ක වැඩීමක්ද වාර්තා වී තිබේ.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ අනුව, අද පෙරවරුවේ “කැරට් 22” රන් පවුමක මිල රු. 314,700ක් ලෙස සඳහන් විය. “කැරට් 24” රන් පවුමක මිලද පසුගිය නොවැම්බර් 25ට තිබූ රු. 336,000 සිට අද වනවිට රු. 342,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

රන් වෙළෙඳපොළේ මෙම ඉහළ ගමන්, ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථායිත්‍යය හා ආර්ථික අර්බුදයන් හේතුවෙන් බව විශ්ලේෂකයන් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments