ආර්ථිකය ගොඩගනිමින් පවතින බව රනිල් පොහොට්ටු හවුල් පාලනය ප්‍රකාෂ කර තිබුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලොක් බැංකුව යන මූල්‍ය ආයතන දෙකම නිකුත් කළ වාර්තා දෙකකින් මේ වනවිටත් රටේ ආර්ථිකය දැඩි අවදානම්කාරී තත්වයක තිබෙන බව පෙන්වා දී තිබේ.
එම ආයතන දෙක වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ පසුගිය මාස 06ක කාලය තුළ යම් ස්ථාවරත්වයක් ඇති කිරීමට ආර්තික ප්රතිසංස්කරන සමත් වුවද එය කිසිසේත්ම අර්බුදයෙන් ගොඩ ඒමට තරම් ක්‍රියාමාර්ග නොවන බවය. ලබන වසරේදී ජනතාව මත තව දුරටත් බදු පැනවීම ඉහළ දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබීම නිසා ජනතාවගේ ආතතිමය තත්වය නරක අතකට ගමන් කළ හැකි බවට එම වාර්තා දෙකෙන්ස අනතුරු අඟවා ඇත