Wednesday, February 11, 2026
Homeදේශපාලනරාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවයකින් යුත් V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කිරීමට උපදෙස්

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවයකින් යුත් V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කිරීමට උපදෙස්

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන මාර්තු මස 01 වැනි දිනයට පෙර වෙන්දේසි කර, එම ආදායම් වාර්තා ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් සියළුම රාජ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම එ​ම වෙන්දේසි කරන රථවාහ​න කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් නැවත මිලදී ගැනීම සිදු නොක​ළ යුතු බවද එම චක්‍රලේඛය මගින් අවධාරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම උපදෙස්, චක්‍රලේඛයක් මඟින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments