Saturday, January 24, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කෙරේ

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කෙරේ

මෙරට රජයේ කාර්යාල වෙත සේවකයන් කැඳවීම සීමා කිරීමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් තවත් චක්‍රලේඛයක් නිකුත් කරයි.

රටේ ප්‍රවාහන පහසුකම් සපයාගැනීමේදී ඇතිවී ඇති දුෂ්කර තත්ත්වය සළකා අත්‍යාවශ්‍ය සේවාවන්ට පැමිණෙන අයට වැඩි ඉඩක් ලබාදීම වෙනුවෙන් ඉකුත් 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය පරිදි නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙස එහි සඳහන්ය.

රාජකාරී කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවා ස්ථාන වෙත කැඳවීමට ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

හැකි සෑම අවස්ථාවක දී ම සේවකයින්ට නිවසේ රැඳී සිටිමින් ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමටත් ආයතන ප්‍රධානීන් ප්‍රමුඛතාවය ලබාදිය යුතුව ඇත.

තම ඉන්ධන පිරිමසා ගැනෙන අයුරින් නිලධාරීන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසත් සියලු රැස්වීම් හා සාකච්ඡා මාර්ගගත ක්‍රමයට පවත්වන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments