Thursday, February 12, 2026
Homeදේශීයරැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ සැකකාරියකගෙන් තොරතුරු රැසක් හෙළිවේ

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ සැකකාරියකගෙන් තොරතුරු රැසක් හෙළිවේ

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ සැකකාරියකගෙන් අනාවරණය වූ තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය, ගිනි අවියක් සහ ව්‍යාජ අංක තහඩු ඇතුළු දේපොළ රැසක් සොයා ගැනීමට ගල්කිස්ස පොලිසිය සමත්වී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත රත්මලාන ප්‍රදේශයේ පදිංචි සැකකාරිය රඳවා තබාගෙන සිදුකළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව පිරිවෙන පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කළ පොලිසිය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 260ක්, රුපියල් ලක්ෂ 08ක මුදල්, ගිනි අවියක්, ජීව පතොරමක්, ව්‍යාජ වාහන අංක තහඩු රැසක්, ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ රන් ආභරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම දේපොළ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් ලැබී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය විසින් සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments