ශ්රී ලංකා රේගුවේ අංශ හතරක සේවකයන් සති අන්ත සහ රජයේ නිවාඩු දින ද ඇතුළත්ව සෑම දිනකම සේවයට වාර්තා කර ඇති බවට සටහන් යොදා ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
පැමිණීමේ සහ පිටවීමේ ලේඛන, අතිකාල ලේඛන සහ නිවාඩු ලේඛන පරීක්ෂාවේදී මේ බව පෙනී ගොස් ඇතැයිද එම කාර්යාලය සඳහන් කරයි.
මෙම සේවකයන් දිනකට පැය විසි හතරක් දක්වා අතිකාල දීමනා ලබා ගෙන ඇති බවත් පැමිණීම සහ පිටවීම පිළිබඳව නිසි සනාථ කිරීමකින් තොරව ඉහත ගෙවීම් කර ඇති බව නිරීක්ෂණය වන බවත් කාර්යාලය කියා සිටීයි.
මේ අතර ශ්රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප්, අතිකාල සහ දිරි දීමනා සදහා රුපියල් කෝටි 320කට අධික මුදලක් පසුගිය වසරේදී ගෙවා ඇති බවද වාර්තාවේ සඳහන්ය.
කෙසේ වෙතත් එම වියදම් තහවුරු කිරීමේ සාක්ෂි වන සේවයට වාර්තා කල බව සනාථ කරන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නැති බවද කාර්යාලය කියා සිටී