Friday, October 24, 2025
Homeදේශපාලනලසන්ත ඝාතනයට ආණ්ඩුව වඟකියන්න ඕන – සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

ලසන්ත ඝාතනයට ආණ්ඩුව වඟකියන්න ඕන – සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව ආරක්ෂාව ඉවත් කිරීම හේතුවෙන් විපක්ෂයේ සියලු දේශපාලන නායකයින්ගේ ජීවිත අනාරක්ෂිත වී තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව පවසා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මද්දුමබණ්ඩාර මහතා,

“මේ රටේ දේශපාලඥයන්ට ආරක්ෂාව ගන්න වුණේ 88/89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් නිසා. ඒ අස්සේ පාර්ලිමේන්තුවෙත් බෝම්බ ගැහුවා. එළියෙත් වෙඩිතියලා මැරුවා. අද ඒ වාතාවරණය නැවත ඇතිවෙලා. තැන් තැන්වල මනුෂ්‍ය ඝාතන වෙඩිතැබීම් වෙනවා. වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා දේශපාලන බිල්ලක් ද කියා බැලිය යුතු යි.

අපේ පක්ෂයෙ ඡන්දයෙන් තේරී පත්වූ සභාපතිවරයාගේ කාර්යාලයට ම ඇවිත් වෙඩිතබලා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන පක්ෂයක් නියෝජනය කළ අයෙක්. මේ ප්‍රාදේශීය සභාවේ ඡන්දේ තියද්දිත් නොයෙක් කලබල ඇතිවුණා. මැර කල්ලි ඔහු සභාපතිවීම වැළැක්වීමට උත්සහ කළා. මන්ත්‍රීවරු අතුරුදහන් වුණා. ඇතුලේ ගහගත්තා. දෙතුන් සීයක් සෙනග ගෙනාවා. එවැනි වාතාවරණයක් යටතේ තමයි සභාපතිවරයාට වෙඩි තබා ඇත්තේ. ඔහුගේ ඝාතනයේ වගකීම රජය භාරගත යුතු යි.

අද රටේ ජාතික ආරක්ෂාව විශාල ප්‍රශ්නයක්. වත්මන් රජය යටතේ මේ අවුරුද්දේ විතරක් මෙවැනි සිද්ධි සීයකට වැඩිය වෙලා. පනහකට වැඩිය ජීවිතක්ෂයට පත්වෙලා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අයින් කළේ ඉතිහාසයේ ප්‍රථමවරට. මටත් මන්ත්‍රීවරයෙක් විදියට ඒ ආරක්ෂාව ලැබුණා. අද අපේ ආරක්ෂාවත් අයින් කරලා. ජනතා විමුක්ති පෙරමුණේ කලබලවලට කලින් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් ලබාදුන්නෑ. ඉන් පසුව තමයි ආරක්ෂාව දෙන්න ගත්තේ. ඒ කලබල කරපු අයම අද බලයේ ඉන්නේ. සියලු විපක්ෂ දේශපාලන පක්ෂවල නායකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද ප්‍රබල තර්ජනයක් තියෙනවා. රජයට ආරක්ෂාව දෙන්නත් බෑ,ආරක්ෂාව දෙන්නෙත් නෑ. මේ නිසා විපක්ෂ දේශපාලනඥයින් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments