වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ධුරය හිස්වී තිබුණේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය දා වෙඩි තැබීමකින් ඝාතනය වී තිබීම හේතුවෙනි.
නව නියාමනය අනුව, සමීර ධනුෂ්ක මහතා වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභිකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

