Tuesday, February 17, 2026
Homeවිදේශීයලූවර් කෞතුකාගාරයේ ආභරණ සොරකම – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ලූවර් කෞතුකාගාරයේ ආභරණ සොරකම – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පැරිසියේ ලෝකප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් මීට පෙරද සොරකම් සිද්ධීන්වලට සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.

ඒ අතර එක් සැකකරුවෙක් චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළේ සිට ගුවන් යානයකට ගොඩවීමට තැත් කිරීමේ විට අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ඉරිදා සිදු වූ මෙම සොරකමෙන් යුරෝ මිලියන 88කට අධික වටිනාකමක් ඇති ආභරණ රැසක් කෞතුකාගාරයෙන් සොරකම් කරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments