Monday, December 22, 2025
Homeදේශීයලොකු පැටීගේ මුදල් පාලකයා රිමාන්ඩ්

ලොකු පැටීගේ මුදල් පාලකයා රිමාන්ඩ්

‘ලොකු පැටී’ගේ මුදල් පාලනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු — දිනේෂ් කුමාර — ඔක්තෝබර් 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (අසංක එස්. බෝදරගම) නියම කළේය.

අදාළ පුද්ගලයා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිසිය සඳහන් කළේ ඔහුගේ රු. කෝටි 33කට අධික මුදල් ඇතුළත් ගිණුම් හමුවී ඇති බවත්, ඒ මුදල් උපයාගත් ආකාරය පැහැදිළි කළ නොහැකි බවත්ය.

අධිකරණය නියම කළේ සැකකරුට එරෙහි පනත් ප්‍රකාර සහ චෝදනා පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබන 24 වනදා ඉදිරිපත් කරන ලෙසය.

RELATED ARTICLES

Most Popular

Recent Comments