Friday, November 14, 2025
Homeදේශීයලොකු ලූනු ගොවීන්ගෙන් මැසිවිලි

ලොකු ලූනු ගොවීන්ගෙන් මැසිවිලි

සතොස ආයතනය විසින් නව ප්‍රමිතිකරණ නියමයන් ක්‍රියාත්මක කිරීමෙන් තමාට අවාසියක් ඇතිව ඇති බව ලොකු ලූනු ගොවීන් පවසති.

ඔවුන් සඳහන් කරන්නේ, නව ප්‍රමිතීන් නිසා තමන්ට ලොකු ලූනු අඩු මිලකට පිටස්තර වෙළෙඳුන්ට විකුණීමට සිදුව ඇති බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 80 සිට 130 අතර පවතින අතර, සතොස මගින් එම ලූනු කිලෝවක් රුපියල් 140කට මිලදී ගැනීමට පියවර ගෙන ඇත.

එහෙත්, මිලදී ගැනීමේදී ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය මිලිමීටර් 35 සිට 65 අතර විය යුතු බවත්, කිලෝවකට ගෙඩි අටක් පමණ තිබිය යුතු බවත් නව ප්‍රමිතියක් සතොස විසින් නිකුත් කර තිබේ.

මාතලේ, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගොවීන් පවසන්නේ, මෙම ප්‍රමිතීන්ට ගැලපෙන ලූනු තමන් සතුව නොමැති බවත්, එම නිසා තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම අසීරු වී ඇති බවත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments