Tuesday, March 3, 2026
Homeවිදේශීයලොව වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාව හිමි රට ලෙස චීනය ඉදිරියට

ලොව වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාව හිමි රට ලෙස චීනය ඉදිරියට

චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්ව ඇති බව චීන ජාතික සිවිල් ගුවන් සේවා මහා පරිපාලනය අද (06) නිල වශයෙන් ප්‍රකාශ කළා.

එම නිවේදනය අනුව, 2025 වසර තුළ චීනයේ ගුවන් සේවා භාවිතා කළ මගීන්ගේ සංඛ්‍යාව කෝටි 50 ඉක්මවා ගොස් ඇති අතර, එය ලෝකයේ ඉහළම ගුවන් මගී සංඛ්‍යාව ලෙස සටහන් වේ.

2025 වසරේදී සිවිල් ගුවන් සේවා අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති චීනය, ඒ සඳහා චීන යුවාන් බිලියන 120ක ස්ථාවර වත්කම් ආයෝජනයක් සිදු කර ඇති බව ද සඳහන්ය.

එසේම, දේශීය ආර්ථික වර්ධනයත් සමඟ, චීන සිවිල් ගුවන් සේවා අංශය වසර තුළ චීන යුවාන් බිලියන 6.5ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments