Saturday, April 4, 2026
Homeසියලුම පුවත්ලෝක ආහාර මිල ඉහළට – FAO අනාවරණය

ලෝක ආහාර මිල ඉහළට – FAO අනාවරණය

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් බලශක්ති සහ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මාර්තු මාසයේදී ලෝක ආහාර මිල ගණන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව ඉහළම මට්ටමට ළඟා වී ඇති බව FAO සංවිධානය පවසයි.
එම ගැටුම් තවදුරටත් දිගුවහොත් සහ ඉන්ධන හා පොහොර වැනි නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පැවතුනහොත් ගොවීන් වගා කටයුතු සීමා කිරීමට ඉඩ ඇති බවද එම සංවිධානය අනතුරු අඟවයි.
එය මෙම වසරේ සහ ඉදිරි වසරේ ආහාර සැපයුමට හා මිල ගණන්වලට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවද සඳහන් වෙයි.
FAO අනුව ගෝලීය ආහාර මිල දර්ශකය පෙබරවාරි මාසයට වඩා 2.4%කින් ඉහළ ගොස් ඇති අතර, සීනි (7.2%), එළවළු තෙල් (5.1%) සහ තිරිඟු (4.3%) මිලද ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් අස්වනු කාලය සහ ආනයන ඉල්ලුම අඩුවීම හේතුවෙන් සහල් මිල 3.0%කින් පහළ වැටී ඇති බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments