මැදපෙරදිග කලාපයේ ආරක්ෂක සහ දේශපාලන අර්බුද තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල නැවතත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, එක්සත් ජනපදයේ යූරියා ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 660 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සාමාන්‍යයෙන් 89%ක වැඩිවීමක් ලෙස සැලකේ.
විශේෂයෙන් නිව් ඕර්ලියන්ස් වෙළෙඳපොළේ කැටිති යූරියා මිල වසර තුනකට අධික කාලයකින් පසු ඉහළම මට්ටමට ළඟා වී ඇති බව සඳහන් වේ.
2022 දී යුක්‍රේන–රුසියානු යුද්ධය ආරම්භ වූ සමයේද පොහොර මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබූ අතර, එම වසරේදී යූරියා ටොන් එකක් ඩොලර් 910 දක්වා ඉහළ ගොස් තිබුණි.
එහෙත් 2023 සහ 2024 වසරවලදී මිල යම් ප්‍රමාණයකින් පහළ ගොස් ස්ථාවර තත්ත්වයක පැවති බවද වාර්තා වේ.
නවතම තත්ත්වය අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සීමා වීමෙන් මැදපෙරදිගින් පොහොර සැපයුම අඩුවී ඇති අතර, චීනය විසින්ද පොහොර අපනයන සීමා කර තිබීම මෙයට හේතුවක් ලෙස සැලකේ.
මෙම තත්ත්වය හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදන වියදම් ඉහළ යා හැකි බවත්, 2022 වසරේ ඇතිවූ ආහාර උද්ධමනය යළි ඇතිවිය හැකි බවටත් ආර්ථික විශ්ලේෂකයින් අවධානය යොමු කර ඇත
ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළට

