Homeසියලුම පුවත්ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැනට රුමේෂ්

ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැනට රුමේෂ්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Rumesh Tharanga ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයට පැමිණ තිබේ.
ලෝක මලල ක්‍රීඩා සංගමය අද (17) නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු මීට පෙර සිටි තෙවැනි ස්ථානයෙන් එක් පියවරක් ඉදිරියට පැමිණ ඇත.
චෙක් ජනරජයේ පැවති ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’ මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟ රුමේෂ්ගේ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 1,333 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, මීට පෙර දෙවැනි ස්ථානයේ පසුවූ ග්‍රෙනඩා රාජ්‍යයේ Anderson Peters අභිබවා යමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට රුමේෂ් සමත් වී ඇත.
මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය තවදුරටත් Julian Weber සතුව පවතින අතර ඔහුගේ ලකුණු සංඛ්‍යාව 1,360කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments