Thursday, March 19, 2026
Homeසියලුම පුවත්ලෝකාන්තයෙන් වැටුණු විශ්වවිද්‍යාල සිසුවියක් නිරුපද්ධිතව බේරා ගැනේ

ලෝකාන්තයෙන් වැටුණු විශ්වවිද්‍යාල සිසුවියක් නිරුපද්ධිතව බේරා ගැනේ

හෝර්ටන්තැන්නේ ලෝකාන්ත බෑවුමේ ප්‍රදේශයේ  සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  23 හැවිරිදි සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට වැටී තිබුණද නිරුපද්ධිතව බේරා ගැනීමට හැකිව තිබේ.
අදාළ සිසුවිය අත්තක එල්ලී සිටියදී, පැය ගණනාවක උත්සාහයකින් පසු ඇය මුදවාගෙන ඇත. මෙම අවස්ථාවේදී වනෝද්‍යානයේ රියදුරෙකු අවධානම නොතකා පහළට බැස ඇයව ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට කටයුතු කර තිබේ.
ඇය මුදාගැනීම සඳහා Sri Lanka Army, Sri Lanka Police සහ Police Special Task Force Sri Lanka ඇතුළු අංශ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර ඇත.
ඉන් අනතුරුව ඇය ප්‍රතිකාර සඳහානුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල  වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments