Saturday, January 17, 2026
Homeදේශීයවනාතවිල්ලුවේ කඩොලාන විනාශය – එක් සැකකරුවෙක් අත්අඩංගුවට

වනාතවිල්ලුවේ කඩොලාන විනාශය – එක් සැකකරුවෙක් අත්අඩංගුවට

වනාතවිල්ලුව වට්ටකන්ඩල් ප්‍රදේශයේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා සිදුකළ මෙහෙයුමකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පුත්තලම වන අධිකාරියේ නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, තවත් සැකකරුවන් හයදෙනෙකු පලාගොස් ඇති බව සඳහන්ය.

මෙම පිරිස කඩොලාන කපමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ධීවර යාත්‍රා සහ ගොඩබිම මගින් නිලධාරීන් එක්ව අද පස්වරුවේ මෙහෙයුම ආරම්භ කළා.

එහිදී සැකකරුවන් පලා යාමට තැත් කළ නමුත් නිලධාරීන් අහසට වෙඩි තබා හඹා ගොස් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව තවත් සැකකරුවන් සෙවීම සඳහා මෙහෙයුම් දිගටම සිදුකෙරෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු වනාතවිල්ලුව පොලීසියට භාරදීමට නියමිත බව වන අධිකාරිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments