කොළඹ මහාධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි.
මෙම නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් නිකුත් කර ඇති අතර, එහි පසුබිම තුළ විමල් වීරවංශ මහතා අධිකරණයට පැමිණීම සම්බන්ධයෙන් ඉදිරි නියෝග අධිකරණය විසින් නිකුත් කිරීමට නියමිතය.

