අද (16) මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම් කාලය දක්වා 2025 වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.
මෙය ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව ලෙස හඳුන්වනු ලබන අතර, සිංහ තාරුකාරාශිය ආශ්‍රිතව එය පෘථිවියට දැක ගත හැකි වේ.
ඒ අනුව පෙරවරු 4.00 – 5.00 අතර කාලය මෙම දර්ශනය නිරීක්ෂණය කිරීමට හොඳම වේලාව බව විද්‍යාඥවරයෝ සඳහන් කළහ.
වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ,
“උදේ 4–5ට අතර නිරීක්ෂණය කළහොත් පැයකට උල්කාපාත 15–20ක් දක්වා දෘශ්‍යමාන විය හැක. වැඩි වේගයෙන් පෘථිවි වායුගෝලයට පැන යන දූවිලි කොටස් නිසාවෙන් දීප්තියත් වැඩියි.”
වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

