Tuesday, December 23, 2025
Homeදේශීයවෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් — පුද්ගලයෙකු මරුට,...

වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් — පුද්ගලයෙකු මරුට, අටදෙනෙක් තුවාලීන්

මඩකලපුව–පොළොන්නරුව මාර්ගයේ වාලච්චේන වාහනේරි ප්‍රදේශයේ ඊයේ (23) සවස සිදුවූ අනතුරකින් වෑන් රථයක රියදුරු ඇතුළු එකම පවුලේ කාන්තාවන් හයක් ඇතුළුව පුද්ගලයින් අටදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

වාහනේරි ප්‍රදේශයේදී වෑන් රථය බෲසර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයකට ගැටී අනතුර සිදුවූ බව පොලීසිය පවසයි.අනතුරින් 74 හැවිරිදි වැලිකන්ද පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇති අතර, අනෙක් තුවාල ලැබූ අය වාලච්චේන රෝහලෙන් පසු මඩකලපුව රෝහලට ගෙන ගොස් ඇත.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලබමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments