ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කරන්නේ, විදුලි ගාස්තු සංශෝධන සිදුකරන සෑම අවස්ථාවකදීමත්, විදුලි ඒකකයක් නිපදවීමට වන පිරිවැය සම්පූර්ණයෙන්ම ආවරණය කරගත හැකි ගාස්තු ව්‍යුහයක් යටතේ එය සිදු කළ යුතු බවයි.ඒ අනුව, විදුලි ගාස්තු තීරණය කිරීම් සියල්ලම මෙම මූලධර්මය මත පදනම් විය යුතු බවද IMF පෙන්වා දෙයි.
මෑතකදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සියයට 6.8 කින් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් IMF පවසූයේ, රාජ්‍ය ව්‍යවසායන් පිරිවැය පියවාගත හැකි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක නොකළහොත් මූල්‍ය අවදානම් තත්ත්වයන් වළක්විය නොහැකි බවයි.
ඉන්ධන වියදම් ඇතුළු විදුලි නිපදවීමට අදාළ සියලු පිරිවැය පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම IMF අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කොටසක් බවද ඔවුන් සදහන් කළහ.
තවද, IMF පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු සංශෝධන විනිමය අනුපාත, පොලී අනුපාත, වර්ෂාපතන මට්ටම්, ඉන්ධන සහ ගල් අඟුරු මිල, සහ ජාත්‍යන්තර බොරතෙල් මිල වෙනස්වීම් වැනි කරුණු මත රඳා පවතින බවයි.
මෙයට අදාළව, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් පසුගිය අගෝස්තු 24 වැනි දින සියයට 6.8 ක විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක් අනුමත කරගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණි.