Thursday, January 15, 2026
Homeදේශීයවිදුලි සැර වැදී අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට.

විදුලි සැර වැදී අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට.

ඊයේ (13) වරකාපොල පොලිස් වසමේ හුනුවල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරට පත් ඔවුන් වරකාපොල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බව වාර්තා වෙයි.

මියගිය පිරිමි පුද්ගලයා වයස අවුරුදු 60ක් වන අතර, කාන්තාව වයස අවුරුදු 58ක් වන හුනුවල , තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.

කුඹුරක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අදින ලද විදුලි රැහැනකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අනවසර විදුලි රැහැන අදින ලද බවට සැකකරන, වයස අවුරුදු 34ක් වූ හුනුවල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments