නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පැමිණීමේ පර්යන්තයේ සිදුකළ වැටලීමකදී සැකකරු අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු සතුව තිබී විදෙස් දුම්වැටි 12,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඔහු 58 හැවිරිදි ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

