ආපදාවට ලක්වූ ජනතාවට විදේශීය පරිත්‍යාගශීලීන් විසින් එවනු ලබන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තු නොමැතිව ශ්‍රී ලංකාවට ගෙන්වීමට රජය නව ක්‍රමවේදයක් සකස් කර ඇත.
විදෙස් සංවිධාන, පුද්ගලයින් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව මෙම වැඩපිළිවෙල සකස් කර ඇති අතර, පරිත්‍යාග භාණ්ඩ කඩිනමින් නිශ්කාෂණය කර ආපදාවට ලක්වූ ප්‍රදේශ වලට බෙදා හැරීමට පහසුකම් ලබා දීමට මෙය උදව් කරයි.
පරිත්‍යාග මාර්ගෝපදේශ සඳහා WWW.CUSTOMS.GOV.LK වෙතත්, පරිත්‍යාග කළ හැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සඳහා WWW.DONATE.GOV.LK වෙතත් පිවිසිය හැක.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ විශාල හානියෙන් පසුව රට නැවත ගොඩනැඟීමට “ශ්‍රී–බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල” පිහිටුවීමට කැබිනට් අනුමැතියද ලබා ඇත.
මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන අතර, රජයේ සහ පෞද්ගලික නියෝජිතයින්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක්ද පත් කර ඇත.
කමිටුවට සභාපති ලෙස කටයුතු කරන්නේ කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාය.
විදේශීය පරිත්‍යාග භාණ්ඩ බදු සහ ගාස්තු නොමැතිව ගෙන්වීමට නව ක්‍රමවේදයක්

