Thursday, January 15, 2026
Homeදේශපාලනවිමල් වීරවංශට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග.

විමල් වීරවංශට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් වරෙන්තුව නිකුත් කර තිබුණි.

එමෙන් පසු විමල් වීරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණය වෙත පැමිණීමත් සමඟ, අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණය නියෝග කළ බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments