Sunday, June 8, 2025
Homeදේශීයවිරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක්

විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක්

අද (04) දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙසට අධිකරණයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

පොල්දූව මංසන්ධියේදී විරෝධතාවය පැවැත්වීමට නියමිත අතර, මාර්ග අවහිර කරමින් මහජනතාවගේ ගමනාගමනය අවහිර වන සේ එය සිදුකරනු ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම අධිකරණ නියෝගය ලබාගෙන ඇත.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරෝධතා පා ගමන වළක්වන ලෙසට කරන ලද ඉල්ලීම් අනුව,

  1. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිලාභී වශයෙන් කටයුතු කරන සුදේශ් රූපසිංහ
  2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් ධම්මික මුණසිංහ
  3. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් අමන්දා ගමගේ
  4. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් දිනුෂා
    ඒකනායක
  5. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් පූර්ණිමා නදීෂා සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය ලබාදී ඇත.

ඒ අනුව පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී සියලු වගඋත්තරකරුවන් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත් මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝණය වන අයුරින් හා රාජකාරී යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කර ඇති අතර කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට සියලු වගඋත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවත් කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කර ඇත.

එසේ වගකීම් ගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය නොපමාව විසුරුවා හැරිය යුතු බවටත් මෙම අණ කඩකළහොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතු බවත් එම ආඥාවෙන් දැනුම්දී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments